Wednesday, March 7, 2012

මාගේ හිතට සමිප වන බොහෝ ගීතවලට පසුතලය වි ඇත්තේ නුවර නගරයි. එයට හෙතුව වි අත්තේ මේ ලොව කිසිම කෙනෙකුට කිසිම හේතුවක් නිසා අමතක කල නොහැකි ප්‍රථම ආදරය නිසාය. මාගේ පලමුවන පෙම්වතිය මහ නුවර ප්‍රදේශයේ විය. මෙම ගිතය අසන සැම විටකම මගේ මනස පෙර අතිතයට පියමනි. එ තරම්ම මට මෙම ගීතය සම්පය. මේ නගරය ගීතය අපිට තිලින කරන්නේ අප අතරින් නැසිගිය මවින් පෙරේරා කලා ශුරින්ය. මෙම ගිතය වචන වලින් සරසා අත්තේ ප්‍රේමකිර්ති ද අල්විස් මහතාය. ඉතිං අවසරද මට මෙම ගීතය මට දැනෙන අයුරින් ඔබට පවසන්නට....



ඔයාට මතකද අපි දෙන්නා මේ නුවරදි හම්බවුනු දවස මුලින්ම. කොච්චර ලස්සන දවසක්ද එක නේද රත්තරනේ.. එත් ඔයාට මතකද අපි වෙන්වුනෙත් මේ නුවරදිමයි කියලා. අනේ.. එක කොච්චර දුක දවසක්ද.. අපි දෙන්නගේ ලස්සන අතිතය මතක් වෙලා මම අඩන තරම් දන්නේ මම විතරයි වස්තුවේ....

මේ වැවි දිය තාම එදා වගේමයි. ඉස්සර වගේම තාමත් වැවේ රැලි ඇවිත් බිදෙන හැටි බලන්නකො පැටියෝ.. ඒ වගේමයි නේද.. එත් මේ නුග ගස් ටිකනම් අපි නැති බව තාම දන්නේ නැතුව තව දලුදාලා. එ නුග ගසුයි මේ වැවයි කලින් වගේම හැසිරෙන්නේ අපි වෙන්වුනු එක ගැන දන්නේ නැතිවද, නැත්තම් අපි දෙන්නට වගේ අපි වෙන්වුනු එක එ වැවටයි ගස්වලටයිත් විශ්වාස කරන්න බැරිවෙලා වද්ද.. ඔයත් එක්ක සරසවියට ගිය කාලේ ඔයාට මතකද වස්තුවේ. අනේ මට ආයෙත් ඔයත් එක්ක එහෙම යන්න තියෙනවනම්.... 


අද අපි දෙන්නා අපිව අයිති නැහැ. අනේ..දෙවියනි ඇයි අපි දෙන්නව වෙන් කරන්න තරම් ඔබ නපුරු උනේ.. ඔයාගෙ අතින් අල්ලගෙන ගිය මේ පාරේ මම අදයන්නේ මගේ බිරිදගේ අතින් අල්ලගේන. අනේ..ඔයාට මතකද ඔයා මගේ බිරිදවෙල අපි දෙන්නට අපි ආදරේ කර කර ඉන්න මවපු සිහින. ඔයත් අද සමහරවිට මෙහම තවත් කෙනෙකුගේ දැතෙපැටලිල මේ පාර දිගේම යනවා ඇති. එක දන්නේ මේ වැවයි,මේ නුග ගස් ටිකයි විතරයි. අනේ..ඔයාටත් මාව මේ විදියටම මතක් වෙන්ව නේද රත්තරනේ.. අද මගේ සුලගිල්ලේ එල්ලිල එන්නේ මගේ සිගිති පුතු. අපි ගොඩක් පරකුයි නේද වස්තුවේ. මේ මුලු ජිවිතයම හිනයක් වස්තුවේ හිනයක්.. අනේ..දෙවියනි එන ආත්මෙදිවත් ඇය මගේම කරන්න....

No comments:

Post a Comment