Saturday, March 31, 2012

 ඔබටත් වැඩියෙන්
මෙය මා විසින් රචනයකල තවත් පද පෙලකි. මෙම වචන එකතුව නිර්මාණය කිරිමට මට මගේවත් හිතවතෙකුගේවත් අත්දැකිමක් මුල් නොවිය. නමුත් මට මෙම ආදර අත්දැකිම ගැනත් ලිව්මට මහත් ආශාවක් හද තුල තිබුනි. පනටත් වඩා ආදරය කරමින් සිටි පෙම් යුවලකගෙන් පෙම් වතිය මෙලොවින් සමුගනි, එවිට පෙම්වතගේ හැගිම මෙම වචන මත අතුර තැබිමට මා උත්සහ කලේමි. ඉතින් මට අවසර දෙනුමැන මට කීමට අවශයව තිබුදෙය ඔබට පවසන්නට.

ඔයා මට දුන්නු ආදරේ මට මෙචරයි කියලා කවම දාවත් කියන්න බැහැ වස්තුවේ.. මම දන්නවා ඔයා මට ඔයගේ ජිවිතේටත් වඩා ආදරේ කලා කියලා. ඔව් මම දන්නවා එක මම දන්වා. අනේ..එත් ඔයා එහෙම මට ආදරේ කරලත් මාව මේ ලොකේ තනිකරලා දාලා  ඔයා මට අහිමි ලෝකෙකට ගියේ ඇයි රත්තරනේ ඇයි.. ඔයාට මගේ ආදරේ මදි උනාද වස්තුවේ.. අපි දෙන්න කොච්චර ආදරෙන්ද හිටියේ නේද.නේදදදදද..අනේ කතා කරන්නකෝ.අනේ පැටියෝ.. මම අද ඔයගේ සොහොන ලග තනිවෙලා. ඔයා මාව දලාගියෙ ඔයාට මගේ අදරේ දැනෙන් නැතුව ඇති. එත් මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ පැටියෝ. අනේ..ඔයා හිනෙන්වත් ඇවිල්ලා කියලා යන්නකෝ ඇයි එක පාරටම මාව මේලෝකේ තනි කරල දාලා යන්න හිතුනේ කියලා මගෙ රත්තරනේ....

ඔයාට මතකද අපි හැමදාම හවසට මුන ගැහෙනවා. ඔයාට මතකද අපි අපි ගැන කතා කර කර ඉන්න ගහයට හෙවන. අනේ..මම කොච්චර ආදරේන් ඔයාව තුරුල් කරන් ආදරේ කලාද පටියෝ.. මම අද මෙතන්ට එන්න කලින් එතන්ටත් ගිහිලමයි ආවේ. එතන අද හරිම ලස්සනයි. හැම තැනම මල් වටිලා. එ වැටෙන හැම මලකින්ම මට මැවිලා පෙන්නේ ඔයාගේ ලස්සනයි රූපේ. අනේ..රත්තරනේ ඔයා අද හිටියනම්.. දැන් මම ගැන හොයලා බලන්න කවුරුවත් නැහැ. කවම දාවත් මට කවුරුවත්ම එපා. මොකද මම හැම දාම ඔයගේමයි. ඔයා මාව දාල ගියත් මම ඔයාගෙම විතරයි වස්තුවේ....


අපි කොච්චර ආසාවෙන්ද සිහින මැව්වේ පොරුවක් උඩ නැගල සුලගිලි බැදලා අපි අපේම වෙන්න. අනේ..වස්තුවේ  එත් අපේ ආදරේ අද මේ සුදු වැලි කැට යට හතර රියනකට යටවේල ඉවරයි. මට මේ දුක තනියම දරාගන්න බැහැ. අනේ..එත් මම මේ දුක දැන් කාට කියන්නද, කාත් එක්ක බෙදාගන්නද පටියෝ. ජාති ජාතිවත් හතුරෙකුටවත් මේ වගේ දුකක්නම් වෙන්න එපා. පව්.. ඔයාට මාව මේ ලොකේ දාලා යන්න පොඩ්ඩක්වත් දුකක් දැනුන් නැද්ද. එත් මම ආද විදින දුක ඔයාට පෙන්වා අති නේද පැටියෝ. අපි දෙන්නා අපේ.අපි මේ ආත්මේ වගෙම මතු අත්ම වලත් එකතු වෙමු නේද පැටියෝ.  අනේ..රත්තරනේ ඔයා කැමතියි නේද මගෙම වෙන්න. කියන්නකො.. මම දන්නවනේ ඔයා ගැන මම දන්නවා ඔය සද්ද නැතුව ඉන්නේ ඔයා මගේම වෙන්න ගොඩක් කැමති නිසා කියලා වස්තුවේ.ඔයා මගෙමයි පැටියෝ ඔය මගේමයි.. අනේ..දෙවියනේ මතු බවයේදි අපි දෙන්නව මේ බවයේ එකතු කලා වගේම එකතු කරන්න. එත් මෙහෙම ආයේ කවම දාවත් වෙන් කරන්නනම් එපා....

No comments:

Post a Comment