Saturday, March 31, 2012

 ඔබටත් වැඩියෙන්
මෙය මා විසින් රචනයකල තවත් පද පෙලකි. මෙම වචන එකතුව නිර්මාණය කිරිමට මට මගේවත් හිතවතෙකුගේවත් අත්දැකිමක් මුල් නොවිය. නමුත් මට මෙම ආදර අත්දැකිම ගැනත් ලිව්මට මහත් ආශාවක් හද තුල තිබුනි. පනටත් වඩා ආදරය කරමින් සිටි පෙම් යුවලකගෙන් පෙම් වතිය මෙලොවින් සමුගනි, එවිට පෙම්වතගේ හැගිම මෙම වචන මත අතුර තැබිමට මා උත්සහ කලේමි. ඉතින් මට අවසර දෙනුමැන මට කීමට අවශයව තිබුදෙය ඔබට පවසන්නට.

ඔයා මට දුන්නු ආදරේ මට මෙචරයි කියලා කවම දාවත් කියන්න බැහැ වස්තුවේ.. මම දන්නවා ඔයා මට ඔයගේ ජිවිතේටත් වඩා ආදරේ කලා කියලා. ඔව් මම දන්නවා එක මම දන්වා. අනේ..එත් ඔයා එහෙම මට ආදරේ කරලත් මාව මේ ලොකේ තනිකරලා දාලා  ඔයා මට අහිමි ලෝකෙකට ගියේ ඇයි රත්තරනේ ඇයි.. ඔයාට මගේ ආදරේ මදි උනාද වස්තුවේ.. අපි දෙන්න කොච්චර ආදරෙන්ද හිටියේ නේද.නේදදදදද..අනේ කතා කරන්නකෝ.අනේ පැටියෝ.. මම අද ඔයගේ සොහොන ලග තනිවෙලා. ඔයා මාව දලාගියෙ ඔයාට මගේ අදරේ දැනෙන් නැතුව ඇති. එත් මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ පැටියෝ. අනේ..ඔයා හිනෙන්වත් ඇවිල්ලා කියලා යන්නකෝ ඇයි එක පාරටම මාව මේලෝකේ තනි කරල දාලා යන්න හිතුනේ කියලා මගෙ රත්තරනේ....

ඔයාට මතකද අපි හැමදාම හවසට මුන ගැහෙනවා. ඔයාට මතකද අපි අපි ගැන කතා කර කර ඉන්න ගහයට හෙවන. අනේ..මම කොච්චර ආදරේන් ඔයාව තුරුල් කරන් ආදරේ කලාද පටියෝ.. මම අද මෙතන්ට එන්න කලින් එතන්ටත් ගිහිලමයි ආවේ. එතන අද හරිම ලස්සනයි. හැම තැනම මල් වටිලා. එ වැටෙන හැම මලකින්ම මට මැවිලා පෙන්නේ ඔයාගේ ලස්සනයි රූපේ. අනේ..රත්තරනේ ඔයා අද හිටියනම්.. දැන් මම ගැන හොයලා බලන්න කවුරුවත් නැහැ. කවම දාවත් මට කවුරුවත්ම එපා. මොකද මම හැම දාම ඔයගේමයි. ඔයා මාව දාල ගියත් මම ඔයාගෙම විතරයි වස්තුවේ....


අපි කොච්චර ආසාවෙන්ද සිහින මැව්වේ පොරුවක් උඩ නැගල සුලගිලි බැදලා අපි අපේම වෙන්න. අනේ..වස්තුවේ  එත් අපේ ආදරේ අද මේ සුදු වැලි කැට යට හතර රියනකට යටවේල ඉවරයි. මට මේ දුක තනියම දරාගන්න බැහැ. අනේ..එත් මම මේ දුක දැන් කාට කියන්නද, කාත් එක්ක බෙදාගන්නද පටියෝ. ජාති ජාතිවත් හතුරෙකුටවත් මේ වගේ දුකක්නම් වෙන්න එපා. පව්.. ඔයාට මාව මේ ලොකේ දාලා යන්න පොඩ්ඩක්වත් දුකක් දැනුන් නැද්ද. එත් මම ආද විදින දුක ඔයාට පෙන්වා අති නේද පැටියෝ. අපි දෙන්නා අපේ.අපි මේ ආත්මේ වගෙම මතු අත්ම වලත් එකතු වෙමු නේද පැටියෝ.  අනේ..රත්තරනේ ඔයා කැමතියි නේද මගෙම වෙන්න. කියන්නකො.. මම දන්නවනේ ඔයා ගැන මම දන්නවා ඔය සද්ද නැතුව ඉන්නේ ඔයා මගේම වෙන්න ගොඩක් කැමති නිසා කියලා වස්තුවේ.ඔයා මගෙමයි පැටියෝ ඔය මගේමයි.. අනේ..දෙවියනේ මතු බවයේදි අපි දෙන්නව මේ බවයේ එකතු කලා වගේම එකතු කරන්න. එත් මෙහෙම ආයේ කවම දාවත් වෙන් කරන්නනම් එපා....

Tuesday, March 27, 2012

ගැලපිම

ඔබ ආදරය කරන්න. ආදරය ලබන්න. නමුත් ඔබ ආදරය කරන කෙනාව ඔබ ඔබේ විදිහට හදාගන්න උත්සහ දරන්න. ඔබේ ඇතැම් ගතිගුන වලට ඇය අකමැතිනම්,ඔබ ඇය කැමති විදිහටත් හැඩ ගැසෙන්න. මොකද  ඔබ විවහයට තොරාගත යුත්තේ.. හැදිච්ච ගැහැනියක් මිස හදන්න අවශ්‍ය ගැහැනියක් නොව....

Saturday, March 17, 2012

                     සුදු ඇදගෙන සද ඇවිදින්
                 සුදු ඇදගෙන සද ඇවිදින් ගීතය අහන්න
මෙම ගීතය මා බොහෝ ප්‍රියකරන ගීතයකි. මෙය මගින් සැබැ ආදරවන්තයකුගේ දුක සහ අවන්කකම මනාව හෙලිදරවුවේ. සුදු ඇදගෙන සද ඇවිදින් ගීතය ගයනා කරන්නේ විශරද කරුනාරත්න දිවුල්ගනේ කලා ශුරින් විසිනි. ඔහු සංගිත ලොවේන් ඇත්වි සිටිම මෙසිරිලකට සැමගෙම අවාසනව විය හැකිය. එහෙනම් මට අවසරද මට දැනෙන අයුරින් සුදු ඇදගෙන සද ඇවිදින් ගීතය ඔබට ගෙනහැර දැක්ව්මට.
අර බලන්න සුදුපාටට අර ඈතින් දිලිසෙන සද දිහා. අර කදු පේලිය අස්සෙන් මේ සද මෙච්චර ලස්සනට බැබලෙන්වා බලන්න ඔයා අද මගේ ලග නැහැ වස්තුවේ..මේ බලන්න මේ ගගේ දියට සද එලිය වැටුනම කොච්චර ලස්සනයිද නේද. මම අද ඉන්නේ වාවගන්න බැරිතරම් දුකක් හිතේ තියගෙන. මම එ දුක මගේ කදුලුවලට දියක කරලා හැමදාම මෙ ගංදියෙ පාකරලා අරින්වා. මේ ගග මෙහෙම වෙගේන් ගලන්නේ ඇයි කියල ඔයා දන්නවද. එ මම විදින දුක එයා හොදට දන්නනිසා මම දිහා බලන් ඉන්න දුක නිසා වෙන්න අති නේද රත්තරනේ.. අපි හැමදාම මෙතනදි මුන ගැහිල කොචර ලස්සනට තුරුලුවෙලා ආදරේ කලාද ඔයාටත් එවා තාම මතක ඇති සමහර විට. අනේ..මම අද තනියම මෙතන මගේ වස්තුවේ.. මට මැවිලා පෙනවා ඔයා එදා මගෙන් සමුඅරන් යන්න අපු හැන්දවේ ඔයාගෙ ලස්සන. එත් මම එදා අඩපු තරම් කවම දාවත් මම අඩලා නැහැ වස්තුවේ....

අපිට ගොඩක් බාදක තිබ්බා. මට ඔයාලගේ දෙමවිපියන්වත් කැමති වුනේ නැහැනේ. එක මගේ වැරද්ද වෙන්න ඇති සමහර විට. එත් එක ඔයාගෙත් වැරැද්ද වෙන්න පුලුවන් නේද පැටියෝ. ඔයාට ඔයාගේ අම්මලාගේ කැමැත්ත ගන්න බැරි වුනනේ. අනේ..ඇයි ඔයා මටම දොස්කියන්නේ ඉතිං.. මට තෙරෙන්නේ නැහැ කාගේද වැරැද්ද කියලා රත්තරනේ....

අද මගේ ලොකේ ගොඩක් කලුවරයි. මේ හද පවුවා තමයි. එත්..මගේ ලොකේ අද හද දැන් පායන්නේ නැහැ වස්තුවේ.. ඔයා මගේ ලෝකේ කරුවලා ගියා. අනේ..මම කොහොමද ඔයාත දොස් කියන්නෙ පැටියෝ.. ඔයා මගේ ලෝකේ කරුවල කරලා දාලා ගියා කියලා. ඔයාමනේ මගේ ලොකේ එලිය කලේ. අනික ඔයා මට දුන්න ආදරේ තරම් වෙන මේලොකේ කිස්ම කෙනෙක් මට ආදරේ දිල නැහැනේ. ඉතිං මම කොහොමද ඔයාත් එක්ක තරහා වෙන්නේ මගේ රත්තරනේ....

Sunday, March 11, 2012

                                               සෙනෙහසට පෙම්කරමී
මෙය මා විසින් රචනය වු පද පෙලකි. මෙය මා තිලින කලේ මගේ පලමුවන පෙම්වතිය වන දුශනිටයි. ඇයට තරම් මා පෙම්කල කිසිවකු තාවමත් මේ මිහිපිට නැත. ඇයට මා පෙම්කල තරම් පෙම්කිරිමටද මේ මිහිපිට කාටවත්ම නොහැකි බව මා හොදින් දනිමි. ඉතිං මේ ගෙනහැර දක්වන්නේ මට ඇයට කියා ගන්නට අවශය වී තිබුදැයයි....

ඔයා දන්නවද දුශි මම හරිම පාලුවෙන් මේ ජිව්තේත් එක්ක ජිවත් උනේ පැටියෝ. මගෙ ලග අවුරුදු ගනක්ම හිටියෙ තනිකම. මට මේ ජිව්තය තිත්ත වෙලා දුශි තිබුනේ. හෙහෙ දැන් මට පොඩක්වත් පාලු නැහැ වස්තුවේ. ඔයාව මට ලැබුනු දවසෙම මගෙ ජිවිතේ ගොඩක් ලස්සන වුනා දුශි. ගොඩාක්.. අනේ..ඔයා මගේ ලග මේවිදිහටම හැමදාම ඉන්නවා නේද දුශි.. ඔයාට මම මේ තියන ආදරේ දවසින් දවස වැඩිවෙන්වා මිසක් කවම දාවත් අඩුවෙන්නේ නැහැ මගෙ රත්තරනේ....

ඔයා දන්නවද දුශි අපේ ආදරේ හරියට මේ දැල්වෙන ලස්සන පහන වගේ නේද. ඔයා දන්නවද පැටියෝ මම එහෙම කියවිවෙ ඇයි කියලා. මේ පහන අල්ලන අමරුයි කටවත්. මෙකට හුලගින් කොච්චර බාදා අවත් බලන්න මේ හැමොටම එලිය දෙන දැල්ල පොඩ්ඩක් හෙලවෙනවා විතරයි. අපේ අවාසනවට කවදාහරි මේ පහන නිවුනොත් මෙක අයේ ලෙසියෙන්ම දල්වන්න පුලුවන් වස්තුවේ.. මම හරි නේද.. අපි අපේ දුශි අපි දෙන්නා කදාහරි මැරෙයි. එත් අපේ ආදරේ අමරනියයි.. මම හුස්ම ගන්නවා ජිවත් වෙන්වා. මම හැම වෙලාවෙම කල්පන කරන්නේ හිතන්නේ ඔයා ගැන පැටියෝ. එත් ඇහිපිල්ලන් ගහදි ඔයා ගන හිතන එක නතරවෙන්වා දුශි.ඔයා දන්නවද මම මොකක්ද කරන්නේ කියලා එ ඇහිපිල්ලන් ගහනකොට. මම ඇහිපිල්ලමක් ගහන වරයක් වරයක් පාසා මම පතන්නේ ඔයා මගේම වෙන්න කියල වස්තුවේ...

ඔයා මට ගොඩාක් ආදරේයි නේද රත්තරනේ.. හෙහෙ මම දන්නවා පැටියෝ ඔයා මට ඔයාගේ පනටත් වඩා ආදරෙයි කියලා. මේ හැබැයි දුශි ඔන්න මම තමා වැඩියෙන් ආදරේ. නැහැ මම තමා. හෙහෙ හරි හරි අපි දෙන්නම අපි දෙන්නටම පනටත් වඩා ආදරෙයි. කෝ.. පොඩ්ඩක් මේ ලස්සන ඇස්දෙක පියගන්න වස්තුවේ. මම ඔයාගේ ඔලුවේ අතතියලා දැන් පොරොන්දුවක් වෙන්වා දුශි.ඔයා දන්නවද එ මොකක්ද කියලා. මම මගේ රත්තරං දුශිව මගේ අස් දෙක වගේ හැමදාම ආදරෙන් බලා ගන්නවා වස්තුවේ..හැමදාම....

Thursday, March 8, 2012

                                 අද්දැකිම

අපි ආදරේ කරනකොට එක එක දෙවල් වෙන්වා. එක එක හැගිම් දැනෙනවා. අපිට සතුටු වෙන දෙවල් වෙන්නේ අපිට මුලු ලොකෙට ඇහෙන්න හිනා වෙන්න නෙමේ. එ වගේම දුක හිතෙන දෙවල් වෙන්නේ කෑගහලා අඩන්නවත් නෙමේ. එ හැම දෙයක්ම වෙන්නේ අපිට අද්දැක්ම් ලබා ගන්නයි....

Wednesday, March 7, 2012

මාගේ හිතට සමිප වන බොහෝ ගීතවලට පසුතලය වි ඇත්තේ නුවර නගරයි. එයට හෙතුව වි අත්තේ මේ ලොව කිසිම කෙනෙකුට කිසිම හේතුවක් නිසා අමතක කල නොහැකි ප්‍රථම ආදරය නිසාය. මාගේ පලමුවන පෙම්වතිය මහ නුවර ප්‍රදේශයේ විය. මෙම ගිතය අසන සැම විටකම මගේ මනස පෙර අතිතයට පියමනි. එ තරම්ම මට මෙම ගීතය සම්පය. මේ නගරය ගීතය අපිට තිලින කරන්නේ අප අතරින් නැසිගිය මවින් පෙරේරා කලා ශුරින්ය. මෙම ගිතය වචන වලින් සරසා අත්තේ ප්‍රේමකිර්ති ද අල්විස් මහතාය. ඉතිං අවසරද මට මෙම ගීතය මට දැනෙන අයුරින් ඔබට පවසන්නට....



ඔයාට මතකද අපි දෙන්නා මේ නුවරදි හම්බවුනු දවස මුලින්ම. කොච්චර ලස්සන දවසක්ද එක නේද රත්තරනේ.. එත් ඔයාට මතකද අපි වෙන්වුනෙත් මේ නුවරදිමයි කියලා. අනේ.. එක කොච්චර දුක දවසක්ද.. අපි දෙන්නගේ ලස්සන අතිතය මතක් වෙලා මම අඩන තරම් දන්නේ මම විතරයි වස්තුවේ....

මේ වැවි දිය තාම එදා වගේමයි. ඉස්සර වගේම තාමත් වැවේ රැලි ඇවිත් බිදෙන හැටි බලන්නකො පැටියෝ.. ඒ වගේමයි නේද.. එත් මේ නුග ගස් ටිකනම් අපි නැති බව තාම දන්නේ නැතුව තව දලුදාලා. එ නුග ගසුයි මේ වැවයි කලින් වගේම හැසිරෙන්නේ අපි වෙන්වුනු එක ගැන දන්නේ නැතිවද, නැත්තම් අපි දෙන්නට වගේ අපි වෙන්වුනු එක එ වැවටයි ගස්වලටයිත් විශ්වාස කරන්න බැරිවෙලා වද්ද.. ඔයත් එක්ක සරසවියට ගිය කාලේ ඔයාට මතකද වස්තුවේ. අනේ මට ආයෙත් ඔයත් එක්ක එහෙම යන්න තියෙනවනම්.... 


අද අපි දෙන්නා අපිව අයිති නැහැ. අනේ..දෙවියනි ඇයි අපි දෙන්නව වෙන් කරන්න තරම් ඔබ නපුරු උනේ.. ඔයාගෙ අතින් අල්ලගෙන ගිය මේ පාරේ මම අදයන්නේ මගේ බිරිදගේ අතින් අල්ලගේන. අනේ..ඔයාට මතකද ඔයා මගේ බිරිදවෙල අපි දෙන්නට අපි ආදරේ කර කර ඉන්න මවපු සිහින. ඔයත් අද සමහරවිට මෙහම තවත් කෙනෙකුගේ දැතෙපැටලිල මේ පාර දිගේම යනවා ඇති. එක දන්නේ මේ වැවයි,මේ නුග ගස් ටිකයි විතරයි. අනේ..ඔයාටත් මාව මේ විදියටම මතක් වෙන්ව නේද රත්තරනේ.. අද මගේ සුලගිල්ලේ එල්ලිල එන්නේ මගේ සිගිති පුතු. අපි ගොඩක් පරකුයි නේද වස්තුවේ. මේ මුලු ජිවිතයම හිනයක් වස්තුවේ හිනයක්.. අනේ..දෙවියනි එන ආත්මෙදිවත් ඇය මගේම කරන්න....