Friday, February 3, 2012

හන්තානට පායන සඳ

මෙම අලංකර ගීතයට හඩ මුසු කරන්නේ ලංකාවේ අංක එකේ ගායකයකුවන අමරසිරි පිරිස් කලා ශුරින්ය. මෙය දැනට මගේ සවනට හමුවි ඇති ගීත අතරින් මා බොහොම ප්‍රියකරන ගිතයකි. මෙය සත්‍ය කථවකි. මෙම ගිතය රචනා වි ඇත්තේ මෙම ගිතයෙහී සදහන්වන පෙම්වතුන් දෙදෙනා ගැන දන්න පාසල් ගුරුවරයකුගේ දෑතින්ය. මේම ගිතයේ අර්තය මට දැනෙන අයුරින් ඔබට ගෙන එමට අවසරද මාහට....


මෙම පෙම්වතුන් දෙදෙනාගේ ප්‍රේමය සොදුරු පාසල් ප්‍රේමයක් වන්නට ඇත. එ සදහා මේ පෙම්වතාගෙ හදේහී ඇති ආදරය සනාත කරයි. මෙම පෙම්වතිය ඉතා විශිඨ ලෙස උසස් පෙළ සමත්වි පේරාදෙනිය සරසවි වරම් ලබාගත් අතර මෙම පෙම්වතාට එම ලස්සන ජිව්තය ලග කරගනිමට නොහැකිවිය....

මේ සොදුරු සරසවි බිමට දවසක හයියෙන් වහිවි. අනේ..ඔයා තෙමෙන්නනම් එපා. ඔයා කුඩේයටින් යන්න රත්තරනේ.. එහෙම යන ඔයා තනියම යන්න එපා ඔයාගෙ පළුව නැතිවෙන්න ඔයාට සරසවි බිමේ ආදරෙ කරන ආදරවන්තයෙක් එක්ක යන්න සුදු.... 

මේ ලස්සන ගස්කොලන් යට පෙම්වතුන් කොච්චර ලස්සන ලෝක මවනවා ඇතිද.. කොච්චර ලස්සන හීන දකිනවා ඇතිද.. ඔයාටත් එ ලස්සන හීන දකින්න මේ නිහඩ තුරු සෙවනට යන්න අඩගහුවොත් එහෙම යන්න වස්තුවේ.. ඔයාගේ ලස්සන ලෝකේ සුන්දර විදින්න මව ඔනේ නැහැනේ දැන්. මව අමතක කරන්න මගෙ රත්තරනේ. අනේ..ඔයා පෙම් සුව විදලා එන වෙලවක මාව මතක් වුනොට් එහෙම මගේ මතකය මේ සොදුරු මහවැලියට දන්න සුදු...මම පොඩ්ඩක්වත් තරහා නැහැ මගෙ රත්තරනේ....

No comments:

Post a Comment