Saturday, February 4, 2012

මෙම ගීතය මා බොහොම ප්‍රියකරන ගීතයකි.මෙම ගීතයට හඩ මුසු කර ඇත්තේ ලංකාවේ බොහොදෙන ප්‍රිය කරන හඩක අයිතිකරිය වන ඉන්ද්‍රනි පෙරේර මහත්මියයි.මෙම ගීතයේ පදවැල සරල ස්වරුපයක් ගන්නා නමුදු එමගින් කියවෙන දෙය බොහෝ ගබුරුය. මේ මට දැනෙන අයුරුන් මතකය අසුනේ ගීතය.



අනේ.. අම්මේ මට අම්මගේ රුපය හරියට මතක නැහැනේ. මම එ රුපය හිතේ මවා ගන්න කොච්චර මහන්සි වෙනවද අම්මේ. මගේ හිතේ පැහැදිලි නැති රුපයක් තියෙනවා එ අම්මා නේද.. ඔවි එ අම්මාම තමා.. අනේ.. ඇයි මට විතරක් මගේ අම්මාගේ රුපය දකින්නවත් පිං නැත්තේ. මම කාටද අම්මා කියන්නේ අම්මේ....

මම පොඩි කාලේ අම්ම මාව නලවන්න ඇති නේද මම අඩනකොට එහෙම උදේට නගිටලා. එහෙම අඩනකොට අම්මගේ ඇගේ තියන ලේ කිරිකරලා මට අම්මා පොවන්න ඇති. මගේ අම්මා ආදරෙන් මගේ හිස, මම පොඩිකලේ මගේ සිනිදු ඇග අතගලා මට හදු දෙන්න ඇති. අනේ..අම්මේ..මෙච්චර මට අදරේ කරපු අම්මට මවත් අම්මගේ ලෝකෙට අරන් යන්න අමතක වුනාද අම්මේ....

No comments:

Post a Comment