Thursday, February 2, 2012


ඔයාව දැකපු පලවෙනි දවසෙම මට ඔයා ගැන ආදරයක් මගේ හිතට දැනුනෙ ඇයි ද දන්නෙ නැහැ. මම එ කතාව ලස්සන වෙයි කියලා හිතුවත් මට එකෙන් ලියන්න සිද්ද වුනේ දුක්බර කතාවක්. මම මගෙ හිතේ තිබ්බ ආදරේ ඔයාට කිව්වට අනේ.. රත්තරනේ මට එකට සමාවෙන්න....

ඔය සුදු ඔසරිය ඇඳලා ලස්සන මනාලියක් වෙලා ඉන්න දවසේ ඔයාගේ කර වට මාල පොටක් බැඳලා ඔයව මගෙ දුප්පත් පැල්පතට කැන්දන් යන්න මම කොච්චර බලාපොරොත්තු තියාගත්ත ද වස්තුවේ.. මම ගොඩක් හීන මැව්වා ඔයාව මගේම කරගන්න. මම මට තේරෙන විදියට මගෙ ආදරේ ඔයාට කිව්වේ. මට මේ ලෝකේ උරුම කඳුල විතරයි. මට එ කඳුළු තව වැඩිකලා කියලා මම කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ සුදු....


ඔයාගෙ ආදරවන්තයා එක්ක ඔයා දෑඟිලි පටලගෙන යනවා දැක්ක ම මගෙ ඇස් දෙකෙන් කඩාහැළුනු කඳුළු ඔයා දැක්කොත් ඔයාට දුක හිතෙයි කියලයි මම ඔයාට නොපෙනෙන්න ඔය දෙන්නගෙ ලස්සන ආදරේ ලෝකෙ දිහා බලාගෙන හිටියෙ රත්තරනේ.. අනේ ඉතින් මම මොනවා කරන්න ද මට මේ ලෝකෙ උරුම මේක නම්. කමක් නැහැ ඔයා දෙන්නගෙ ආදරේට මගෙන් සුබ පැතුම්....

2 comments:

  1. අයියේ ආදරය කියන්නේ සුන්දර වරදක් ඒ වැරැද්ද කරද්දි අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. නැත්නම් අපිට ඉතුරු වෙන්නේ දුක විතරමයි........ ඒ හින්දා සැලෙන්න එපා............

    ReplyDelete
  2. ඇත්ත මල්ලියේ. අදරේ සුන්දරයි.. එක අපි විදවන්නෙ නැතුව සුන්දරව විදින්න දැනගන්න ඔනේ. ඒ වගෙම එහෙම විදිනට පිං තියෙන්නත් ඔනේ මල්ලි.

    ReplyDelete