Tuesday, June 26, 2012

ආදරේ තරම

 ආදරේ තරම
මම ඔයාට ආදරේ තරමටම ඔයා මට තාම ආදරේ නැහැ කියලා හිතුවත් වස්තුවේ මට වෙලාවකට හිතෙන්වා ඔයා මම ඔයාට ආදරේ කරනවටත් වඩා ඔයා මට ආදරෙයි කියල. ලගදිම දවසක් එයි සුදු ඔයාට මගේ තුරුලට එන්න. ඔයාව මගේ තුරුල්ට අරගෙන පලමු හාදුව ඔය දිලිසෙන තොල් පෙති මත තවරනකන් මට ඉවසිල්ලක් නැහැ රත්තරනේ. සත්තයි..මම ඔයාට මටත් වඩා ආදරේ මගේ වස්තුවේ....

Tuesday, May 8, 2012

ආරාධනා 
මෙම ගීතය මා බොහෝ ප්‍රියකරන පැරනි ගීතයකි. දෙපසකට වි සිටින සැමියකුගේ හදවතේ ඇති දුක සහ නැවතත් බිරිද සමග ජිවත් විමට අවශ‍ය බවත් මෙම ගිතයෙන් පැවසේ. මෙම ගීතය ගායනා කරන්නේ පංඩිත් අමරදෙව කලා ශුරින් විසිනි. මෙය ආරාධනා චිත්‍ර පටයේ ඉතාමත් ප්‍රසිදියක් අත්කරගත් ගීතයකි. ඉතින් අවසර දෙන්න මට මට දැනෙන අයුරින් එය පවසන්නට.
අනේ..පැටියෝ ආයේ  එන්න මගේ ලගට. ඔයා කොහෙද ඉන්නේ. ඔයාට පෙන්නේ නැද්ද මම ඔයා නැතුව කොච්චර දුක් වෙන්වද කියලා. අනේ..එන්න වස්තුවේ මගේ ලගට. මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ රත්තරනේ. අපි දෙන්නා කොච්චර ආදරෙන්ද හිටියේ. අපි අයෙත් එවගේම සතුටෙන් ඉමු පැටියෝ. අනේ..වස්තුවේ අපි අත්වෙලා හිටිය හොදටම ඇති. අපි අයේමත් එකතුවෙමුකෝ.. අනේ..දෙවියනේ ඔයා කොහෙද ඉන්නේ..

අපේ හිත් දෙක කොච්චර ලස්සනට ආදරෙන් පිරිල තිබුනද නේද. අපි කොච්චර සතුටින් කාලය ගතකලාද වස්තුවේ. අනේ.. එහෙම හිටිය අපිට ඇයි රත්තරෙනේ මෙහෙම උනේ. අපිට ඇස්වහා කටවහා වදින ඇති. නැත්ම් මම නැතුව එක මොහොතක් ඉන්න බැරි ඔයා කොහොමද මෙහෙම ඉන්නේ. දැන් කාලයත් එක්කම ඔයාටත් මාව ඔන වෙල ඇති. මම දන්නවා වස්තුවේ ඔයාට මම නැතුව බැහැ කියලා. අපි දෙන්නගේම ජීවිත අද ගොඩක් දුකෙන් පැටියෝ. එ ලස්සන ආදරේ අපි ආයේ පටන් ගමු වස්තුවේ නේද. මගේ ලගට එන්න රත්තරනේ ඔයාට වගෙම මටත් ඔයාව ඔනේ මගෙ පැටියෝ. අනේ..දෙවියනේ මට එයා කොහේද ඉන්නෙ කියලා හොයගන්න උදව්කරන්න දෙවියනේ....

හෙහෙ මතකද පැටියෝ අපි බැන්ද දවස්වල, මම ඔයාගේ තුරුලෙමයි. මම ඔයාගේ උනුසුමට ගොඩක් ආදරෙයි වස්තුවේ. ආනේ අද එ උනුසුම වෙන කවුරුවත් විදින්නේ නැහැ නේද. අනේ.. මගේ රත්තරනේ ඔයා මගේ විතරමයි මගේ විතරමයි. මම එදා ඔයාගේ තුරුල්ලට වෙලා අලුතෙන් ජීවිතේ පටන් ගත්තා. අනේ.. අයේ මාව ඔයාගෙ තුරුලට ගන්න පැට්යෝ. අපිට ආයෙත් එටකොට අලුත් ලස්සන ජීතයක් හිමි කරගන්න පුලුවන්නේ. මට බැහැ තවත් මෙහෙම ඉන්න මම ඔයාව හොයාගෙන එනවා. ඔයාත් මාව හොයන්වා ඇති.ඔයගේ එ ලස්සන දිලිසෙන ඇස් දෙක මට ආයේ කවදා හරි මුන ගැහෙනකන්ම මම ඔයාව හොයන්වා වස්තුවේ. ඔයාව මට හම්බුන දවසට මම ඔයාගෙ ලග වැදවටිලා හරි ඔයාගේ ආදරේ ලබා ගන්නවා. එ දිලිසෙන ලස්සන අස්දෙකේ ආලෝකෙන් මගේ ජීවිතේ ආයෙමත් එලිය වැටේ වස්තුවේ. ඔයා මගේමයි හැමදාටම....

Thursday, May 3, 2012

ආදර ගමන
මේ අහන්නකෝ..පැටියෝ අපි දෙන්නා අපේ. ඔයාට ඔනම දෙකට මම ඉන්නවා. මටත් ඔනම දෙකට ඔයා ඉන්නවා නේද මගේ රත්තරනේ. අපේ ගමන අපි යමු පැටියෝ. බාදක එයි දහස් ගනනක්. එ හැම දෙයක්ම අපේ ආදරෙන් පරද්දන්න අපි දෙන්නට පුලුවන් වස්තුවේ පුලුවන්. ඔයා දන්නවාද, සැතපුම් දස දහස් ගනනක ගමනක් පවා ආරම්බ වෙන්නේ එක් පියවරකින්. අපි අපෙ ගමනට අරම්බය තියමු පැටියෝ. අපිට වරදින්නේ නැහැ.

Saturday, April 14, 2012

                              මගේ ජිවිතයම 
පැටියෝ මම බඩ්ඩක් අහන්නද.. ඔයා දන්නවද මම ඔයාට කොච්චර ආදරේයිද කියලා.. හෙහෙ ඔයා කොහොමද ඒක දන්නේ නේද. මමවත් දන්නේ නැහැනේ මම කොච්චර ඔයාට ආදරේයිද කියලා. ඒත් ඔයා කවදා හරි මගේන් අහයි වස්තුවේ මම ඔයාටද මගේ ජිවිතේටද වැඩියෙන්ම ආදරේද කියලා. මම කියයි මගේ ජිවිතේට කියලා. ඔයා මාව තනි කරලා ඇතට යයි. එත් ඔයා එකක් දන්නේ නැහැ පැටියෝ.. ඒ මගේ මුලු ජිතේම ඔයා කියලා මගේ රත්තරනේ....

Saturday, March 31, 2012

 ඔබටත් වැඩියෙන්
මෙය මා විසින් රචනයකල තවත් පද පෙලකි. මෙම වචන එකතුව නිර්මාණය කිරිමට මට මගේවත් හිතවතෙකුගේවත් අත්දැකිමක් මුල් නොවිය. නමුත් මට මෙම ආදර අත්දැකිම ගැනත් ලිව්මට මහත් ආශාවක් හද තුල තිබුනි. පනටත් වඩා ආදරය කරමින් සිටි පෙම් යුවලකගෙන් පෙම් වතිය මෙලොවින් සමුගනි, එවිට පෙම්වතගේ හැගිම මෙම වචන මත අතුර තැබිමට මා උත්සහ කලේමි. ඉතින් මට අවසර දෙනුමැන මට කීමට අවශයව තිබුදෙය ඔබට පවසන්නට.

ඔයා මට දුන්නු ආදරේ මට මෙචරයි කියලා කවම දාවත් කියන්න බැහැ වස්තුවේ.. මම දන්නවා ඔයා මට ඔයගේ ජිවිතේටත් වඩා ආදරේ කලා කියලා. ඔව් මම දන්නවා එක මම දන්වා. අනේ..එත් ඔයා එහෙම මට ආදරේ කරලත් මාව මේ ලොකේ තනිකරලා දාලා  ඔයා මට අහිමි ලෝකෙකට ගියේ ඇයි රත්තරනේ ඇයි.. ඔයාට මගේ ආදරේ මදි උනාද වස්තුවේ.. අපි දෙන්න කොච්චර ආදරෙන්ද හිටියේ නේද.නේදදදදද..අනේ කතා කරන්නකෝ.අනේ පැටියෝ.. මම අද ඔයගේ සොහොන ලග තනිවෙලා. ඔයා මාව දලාගියෙ ඔයාට මගේ අදරේ දැනෙන් නැතුව ඇති. එත් මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ පැටියෝ. අනේ..ඔයා හිනෙන්වත් ඇවිල්ලා කියලා යන්නකෝ ඇයි එක පාරටම මාව මේලෝකේ තනි කරල දාලා යන්න හිතුනේ කියලා මගෙ රත්තරනේ....

ඔයාට මතකද අපි හැමදාම හවසට මුන ගැහෙනවා. ඔයාට මතකද අපි අපි ගැන කතා කර කර ඉන්න ගහයට හෙවන. අනේ..මම කොච්චර ආදරේන් ඔයාව තුරුල් කරන් ආදරේ කලාද පටියෝ.. මම අද මෙතන්ට එන්න කලින් එතන්ටත් ගිහිලමයි ආවේ. එතන අද හරිම ලස්සනයි. හැම තැනම මල් වටිලා. එ වැටෙන හැම මලකින්ම මට මැවිලා පෙන්නේ ඔයාගේ ලස්සනයි රූපේ. අනේ..රත්තරනේ ඔයා අද හිටියනම්.. දැන් මම ගැන හොයලා බලන්න කවුරුවත් නැහැ. කවම දාවත් මට කවුරුවත්ම එපා. මොකද මම හැම දාම ඔයගේමයි. ඔයා මාව දාල ගියත් මම ඔයාගෙම විතරයි වස්තුවේ....


අපි කොච්චර ආසාවෙන්ද සිහින මැව්වේ පොරුවක් උඩ නැගල සුලගිලි බැදලා අපි අපේම වෙන්න. අනේ..වස්තුවේ  එත් අපේ ආදරේ අද මේ සුදු වැලි කැට යට හතර රියනකට යටවේල ඉවරයි. මට මේ දුක තනියම දරාගන්න බැහැ. අනේ..එත් මම මේ දුක දැන් කාට කියන්නද, කාත් එක්ක බෙදාගන්නද පටියෝ. ජාති ජාතිවත් හතුරෙකුටවත් මේ වගේ දුකක්නම් වෙන්න එපා. පව්.. ඔයාට මාව මේ ලොකේ දාලා යන්න පොඩ්ඩක්වත් දුකක් දැනුන් නැද්ද. එත් මම ආද විදින දුක ඔයාට පෙන්වා අති නේද පැටියෝ. අපි දෙන්නා අපේ.අපි මේ ආත්මේ වගෙම මතු අත්ම වලත් එකතු වෙමු නේද පැටියෝ.  අනේ..රත්තරනේ ඔයා කැමතියි නේද මගෙම වෙන්න. කියන්නකො.. මම දන්නවනේ ඔයා ගැන මම දන්නවා ඔය සද්ද නැතුව ඉන්නේ ඔයා මගේම වෙන්න ගොඩක් කැමති නිසා කියලා වස්තුවේ.ඔයා මගෙමයි පැටියෝ ඔය මගේමයි.. අනේ..දෙවියනේ මතු බවයේදි අපි දෙන්නව මේ බවයේ එකතු කලා වගේම එකතු කරන්න. එත් මෙහෙම ආයේ කවම දාවත් වෙන් කරන්නනම් එපා....

Tuesday, March 27, 2012

ගැලපිම

ඔබ ආදරය කරන්න. ආදරය ලබන්න. නමුත් ඔබ ආදරය කරන කෙනාව ඔබ ඔබේ විදිහට හදාගන්න උත්සහ දරන්න. ඔබේ ඇතැම් ගතිගුන වලට ඇය අකමැතිනම්,ඔබ ඇය කැමති විදිහටත් හැඩ ගැසෙන්න. මොකද  ඔබ විවහයට තොරාගත යුත්තේ.. හැදිච්ච ගැහැනියක් මිස හදන්න අවශ්‍ය ගැහැනියක් නොව....

Saturday, March 17, 2012

                     සුදු ඇදගෙන සද ඇවිදින්
                 සුදු ඇදගෙන සද ඇවිදින් ගීතය අහන්න
මෙම ගීතය මා බොහෝ ප්‍රියකරන ගීතයකි. මෙය මගින් සැබැ ආදරවන්තයකුගේ දුක සහ අවන්කකම මනාව හෙලිදරවුවේ. සුදු ඇදගෙන සද ඇවිදින් ගීතය ගයනා කරන්නේ විශරද කරුනාරත්න දිවුල්ගනේ කලා ශුරින් විසිනි. ඔහු සංගිත ලොවේන් ඇත්වි සිටිම මෙසිරිලකට සැමගෙම අවාසනව විය හැකිය. එහෙනම් මට අවසරද මට දැනෙන අයුරින් සුදු ඇදගෙන සද ඇවිදින් ගීතය ඔබට ගෙනහැර දැක්ව්මට.
අර බලන්න සුදුපාටට අර ඈතින් දිලිසෙන සද දිහා. අර කදු පේලිය අස්සෙන් මේ සද මෙච්චර ලස්සනට බැබලෙන්වා බලන්න ඔයා අද මගේ ලග නැහැ වස්තුවේ..මේ බලන්න මේ ගගේ දියට සද එලිය වැටුනම කොච්චර ලස්සනයිද නේද. මම අද ඉන්නේ වාවගන්න බැරිතරම් දුකක් හිතේ තියගෙන. මම එ දුක මගේ කදුලුවලට දියක කරලා හැමදාම මෙ ගංදියෙ පාකරලා අරින්වා. මේ ගග මෙහෙම වෙගේන් ගලන්නේ ඇයි කියල ඔයා දන්නවද. එ මම විදින දුක එයා හොදට දන්නනිසා මම දිහා බලන් ඉන්න දුක නිසා වෙන්න අති නේද රත්තරනේ.. අපි හැමදාම මෙතනදි මුන ගැහිල කොචර ලස්සනට තුරුලුවෙලා ආදරේ කලාද ඔයාටත් එවා තාම මතක ඇති සමහර විට. අනේ..මම අද තනියම මෙතන මගේ වස්තුවේ.. මට මැවිලා පෙනවා ඔයා එදා මගෙන් සමුඅරන් යන්න අපු හැන්දවේ ඔයාගෙ ලස්සන. එත් මම එදා අඩපු තරම් කවම දාවත් මම අඩලා නැහැ වස්තුවේ....

අපිට ගොඩක් බාදක තිබ්බා. මට ඔයාලගේ දෙමවිපියන්වත් කැමති වුනේ නැහැනේ. එක මගේ වැරද්ද වෙන්න ඇති සමහර විට. එත් එක ඔයාගෙත් වැරැද්ද වෙන්න පුලුවන් නේද පැටියෝ. ඔයාට ඔයාගේ අම්මලාගේ කැමැත්ත ගන්න බැරි වුනනේ. අනේ..ඇයි ඔයා මටම දොස්කියන්නේ ඉතිං.. මට තෙරෙන්නේ නැහැ කාගේද වැරැද්ද කියලා රත්තරනේ....

අද මගේ ලොකේ ගොඩක් කලුවරයි. මේ හද පවුවා තමයි. එත්..මගේ ලොකේ අද හද දැන් පායන්නේ නැහැ වස්තුවේ.. ඔයා මගේ ලෝකේ කරුවලා ගියා. අනේ..මම කොහොමද ඔයාත දොස් කියන්නෙ පැටියෝ.. ඔයා මගේ ලෝකේ කරුවල කරලා දාලා ගියා කියලා. ඔයාමනේ මගේ ලොකේ එලිය කලේ. අනික ඔයා මට දුන්න ආදරේ තරම් වෙන මේලොකේ කිස්ම කෙනෙක් මට ආදරේ දිල නැහැනේ. ඉතිං මම කොහොමද ඔයාත් එක්ක තරහා වෙන්නේ මගේ රත්තරනේ....