Tuesday, May 8, 2012

ආරාධනා 
මෙම ගීතය මා බොහෝ ප්‍රියකරන පැරනි ගීතයකි. දෙපසකට වි සිටින සැමියකුගේ හදවතේ ඇති දුක සහ නැවතත් බිරිද සමග ජිවත් විමට අවශ‍ය බවත් මෙම ගිතයෙන් පැවසේ. මෙම ගීතය ගායනා කරන්නේ පංඩිත් අමරදෙව කලා ශුරින් විසිනි. මෙය ආරාධනා චිත්‍ර පටයේ ඉතාමත් ප්‍රසිදියක් අත්කරගත් ගීතයකි. ඉතින් අවසර දෙන්න මට මට දැනෙන අයුරින් එය පවසන්නට.
අනේ..පැටියෝ ආයේ  එන්න මගේ ලගට. ඔයා කොහෙද ඉන්නේ. ඔයාට පෙන්නේ නැද්ද මම ඔයා නැතුව කොච්චර දුක් වෙන්වද කියලා. අනේ..එන්න වස්තුවේ මගේ ලගට. මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ රත්තරනේ. අපි දෙන්නා කොච්චර ආදරෙන්ද හිටියේ. අපි අයෙත් එවගේම සතුටෙන් ඉමු පැටියෝ. අනේ..වස්තුවේ අපි අත්වෙලා හිටිය හොදටම ඇති. අපි අයේමත් එකතුවෙමුකෝ.. අනේ..දෙවියනේ ඔයා කොහෙද ඉන්නේ..

අපේ හිත් දෙක කොච්චර ලස්සනට ආදරෙන් පිරිල තිබුනද නේද. අපි කොච්චර සතුටින් කාලය ගතකලාද වස්තුවේ. අනේ.. එහෙම හිටිය අපිට ඇයි රත්තරෙනේ මෙහෙම උනේ. අපිට ඇස්වහා කටවහා වදින ඇති. නැත්ම් මම නැතුව එක මොහොතක් ඉන්න බැරි ඔයා කොහොමද මෙහෙම ඉන්නේ. දැන් කාලයත් එක්කම ඔයාටත් මාව ඔන වෙල ඇති. මම දන්නවා වස්තුවේ ඔයාට මම නැතුව බැහැ කියලා. අපි දෙන්නගේම ජීවිත අද ගොඩක් දුකෙන් පැටියෝ. එ ලස්සන ආදරේ අපි ආයේ පටන් ගමු වස්තුවේ නේද. මගේ ලගට එන්න රත්තරනේ ඔයාට වගෙම මටත් ඔයාව ඔනේ මගෙ පැටියෝ. අනේ..දෙවියනේ මට එයා කොහේද ඉන්නෙ කියලා හොයගන්න උදව්කරන්න දෙවියනේ....

හෙහෙ මතකද පැටියෝ අපි බැන්ද දවස්වල, මම ඔයාගේ තුරුලෙමයි. මම ඔයාගේ උනුසුමට ගොඩක් ආදරෙයි වස්තුවේ. ආනේ අද එ උනුසුම වෙන කවුරුවත් විදින්නේ නැහැ නේද. අනේ.. මගේ රත්තරනේ ඔයා මගේ විතරමයි මගේ විතරමයි. මම එදා ඔයාගේ තුරුල්ලට වෙලා අලුතෙන් ජීවිතේ පටන් ගත්තා. අනේ.. අයේ මාව ඔයාගෙ තුරුලට ගන්න පැට්යෝ. අපිට ආයෙත් එටකොට අලුත් ලස්සන ජීතයක් හිමි කරගන්න පුලුවන්නේ. මට බැහැ තවත් මෙහෙම ඉන්න මම ඔයාව හොයාගෙන එනවා. ඔයාත් මාව හොයන්වා ඇති.ඔයගේ එ ලස්සන දිලිසෙන ඇස් දෙක මට ආයේ කවදා හරි මුන ගැහෙනකන්ම මම ඔයාව හොයන්වා වස්තුවේ. ඔයාව මට හම්බුන දවසට මම ඔයාගෙ ලග වැදවටිලා හරි ඔයාගේ ආදරේ ලබා ගන්නවා. එ දිලිසෙන ලස්සන අස්දෙකේ ආලෝකෙන් මගේ ජීවිතේ ආයෙමත් එලිය වැටේ වස්තුවේ. ඔයා මගේමයි හැමදාටම....

No comments:

Post a Comment