Tuesday, February 7, 2012

                                 නිල්මිණි

මගේ ජිවිතේ හරිම දුක්බරයි.. ඔයයි එ ලොකේ එලිය කරලා සතුටු කලේ වස්තුවේ.. අනේ..ඔයා ඇයි දැන්මේ වෙනස් වෙලා. ඔයාට වගේ මගේ ජිව්තේ කටවත් ආයේ එලිය කරන්න බැ කියලා ඔයා හොදටම දන්නවා නේද? අනේ..එහෙම වෙලත් ඔයාව කවුද මගෙන් ඇත්කරන්නේ රත්තරනේ....

මම දන්නවා පැටියෝ.. ඔයා ලගදිම මාව තනිකරලා යනවා කියලා වෙන කෙනෙක් ලගට. එත් ඔයාට මේ තරම් ආදරේ කරන මගේ හිත එක පිලිගන් නැහැනේ. එ මම ඔයාට මගේ පනටත් වඩා ආදරේ කරන නිස වෙන්න ඇති නේද වස්ටුවේ.. අනේ..මගෙ අතින් ඔයාට මොකක් හරි වරැද්දක් වෙලා තියෙන්වනම් මම දන්නේ නැතුව හරි මට එක වාරෙකට සිය දහස් වාරයක් සමාවෙන්න.. අනේ..මගේ රත්තරනේ මාව කව දාවත් දලා යන්න එපා....

මගේ ලෝකෙට පාර කියන්න කවුරුවත් හිටියේ නැහැ කියලා ඔයා හොදටම දන්නවනේ පැටියෝ.. ඔයා මාව මේ දලා යන්න හදන්නේ මම දන්නවා. අනේ..ඇයි කියන්නකෝ ඔයා මාව දලා යන්නේ. කමක් නැහැ වස්තුවේ.. ඔයා මාව දලා ගියා කියලා මම ඔයාට ශාපකරන්නේ නැහැ. මට එහෙම කරන්නත් බැහැ. ඔයාට වරදින්නේ නැහැ රත්තරනේ.. ඔයා මේ ලෝකෙ කෝහේ හිටියත් හොදින් ඉන්න මට එ හොදටම ඇති වස්තුවේ....

Monday, February 6, 2012

හිම කැට ආදරේ


මේ වැටෙන හිම කැටයක් කැටයක් ගානට මම ඔයාට ආදරෙයි කියද්දි අනේ..ඇයි පැටියෝ ඔයා කියන්නේ දවසක මේ හිම දියවෙලා යාවි කියලා. නැහැ රත්තරනේ නැහැ.. මම ඔයාට හැමදාම අදරේයි වස්තුවේ. මම ඔයාගේ විතරමයි.. ඔව් පැටියෝ මම හැමදාටම ඔයාගෙම විතරයි රත්තරනේ....

Saturday, February 4, 2012

මෙම ගීතය මා බොහොම ප්‍රියකරන ගීතයකි.මෙම ගීතයට හඩ මුසු කර ඇත්තේ ලංකාවේ බොහොදෙන ප්‍රිය කරන හඩක අයිතිකරිය වන ඉන්ද්‍රනි පෙරේර මහත්මියයි.මෙම ගීතයේ පදවැල සරල ස්වරුපයක් ගන්නා නමුදු එමගින් කියවෙන දෙය බොහෝ ගබුරුය. මේ මට දැනෙන අයුරුන් මතකය අසුනේ ගීතය.



අනේ.. අම්මේ මට අම්මගේ රුපය හරියට මතක නැහැනේ. මම එ රුපය හිතේ මවා ගන්න කොච්චර මහන්සි වෙනවද අම්මේ. මගේ හිතේ පැහැදිලි නැති රුපයක් තියෙනවා එ අම්මා නේද.. ඔවි එ අම්මාම තමා.. අනේ.. ඇයි මට විතරක් මගේ අම්මාගේ රුපය දකින්නවත් පිං නැත්තේ. මම කාටද අම්මා කියන්නේ අම්මේ....

මම පොඩි කාලේ අම්ම මාව නලවන්න ඇති නේද මම අඩනකොට එහෙම උදේට නගිටලා. එහෙම අඩනකොට අම්මගේ ඇගේ තියන ලේ කිරිකරලා මට අම්මා පොවන්න ඇති. මගේ අම්මා ආදරෙන් මගේ හිස, මම පොඩිකලේ මගේ සිනිදු ඇග අතගලා මට හදු දෙන්න ඇති. අනේ..අම්මේ..මෙච්චර මට අදරේ කරපු අම්මට මවත් අම්මගේ ලෝකෙට අරන් යන්න අමතක වුනාද අම්මේ....

                            පලමු තිලිනය






මේ පදපෙල එන දුශානි මගේ පලමුවන ආදරවන්තියයි. ඇයට මා පෙම්කල තරම් පෙම්කරන්නට කිසිවෙකුටවත් නොහැකි බව මා හොදින් දනිමි. මේ මා ඇයට ලියු පලමුවන ගිතයයි. ඇය මෙවන විට මගේ පෙම්වතිය නොව මගේ සිහින කුමරිය පමනි. ඇයට මා මෙම පදපෙල තිලින කලේ අයගේ 17 වන උපන් දිනය දවසේය. මේම ගිතය ඇය නෙතු ගැටෙනවාත් සමගම ඇය මා සතුවිය....

මගේ ජිව්තෙත් හරියට මේ අමාවක රෑ අහසවගේ. මට ලෝකු සෙනෙහස දෙන සඳක් ඔනෙනම් නැහැ. මට මගේ ජිවිතේ එලිය කරන්න පුංචි අහිංසක තරුවක් හිටියනම් ඇති. මම එ පතන තනි තරුව ඔයයි දුශි.. මම දන්නෙවත් නැතුව මගේ යාලුළුවෙක් ඔයාට ආදරේ කරලා. ඉතින් රත්තරනේ මම දැන් මොකද කරන්නේ? මම දන්නෙත් නැතුව මම ඔයාට මටත් වඩා ආදරේ කරලා දුශි.. ඔයා මට ආකමැති වුනොත් මම තරහා නැහැ. එත්.. මට මගේ හිත හදාගන්න විදිය කියලා දෙන්න රත්තරනේ. අනේ.. නැත්තන් මාව මැරෙයි....

අපි තාම හැබැහින් මුන ගැසිලා නැති ව්නාට අපි මූනූ පොතේදි අපේ දුක සැප බෙදාගන්නවානේ. මම ආදරේ ඔයගේ ලස්සනට රූපෙට නෙමෙයි ගතිගුණ වලටයි වස්තුවේ.. හෙහෙ අපි අදුන ගත්ත දවසේ අපි කොච්චර රංඩු වුනද නේද දුශි. මම එදා හිතුවේ නැහැ මම ඔයාට මේ තරම්ම ආදරේ කරයි කියලා කවම දාවත්. මගේ ආදරේ තරම ඔයාට දැනෙනවනම් ඔයා අනිවාරයෙන්ම මගේ වෙනවා පැටියෝ.. ඔයා කොහොමද එත් එකේ තරම දැන ගන්නේ. මමවත් හරියට දන්නේ නැහැ මම ඔයාට කොච්චර ආදරේයිද කියලා රත්තරනේ....

ඔයාව මට නොලැබුනොත් මම ඔයාට කොච්චර ආදරේ වුනත් මට එක සගවන්න වෙනවා වස්තුවේ.. ඔයා මට එහෙම කලත් මම ඔයාගේ සතුටට ඔයගේ ලග නැතත් ඔයගේ ඔනම කරදරයකදි ඔයගේ ලග ඉන්න පොරොන්දු වෙන්වා දුශි.. මොකද මම ඔයාට අත්තටම ආදරේ නිසා. ඔයාගේ හිතේ තියන හැම බලා පොරොතුවක්ම ඉටුවෙවා.. අනේ..දෙවියනි මම පිං කරලා මදිද දුශිගේ ආදරය සෙනෙහස විදින්න. ඔයා මාව මතු අත්මයෙදි ඔයාගෙ වෙන්න කියලා නොපැතුවත් මම දෙවියන්ගෙන් ඉල්ලන එකම දේ මතු අත්මෙවත් ඔයා මගේම වෙන්න කියලා. අනේ..දෙවියනි මේ අත්මෙදි දුශි මගේ නොකලත් එන බවයෙදි ඇය මගෙම කරන්න දෙවියනේ....

Friday, February 3, 2012

හන්තානට පායන සඳ

මෙම අලංකර ගීතයට හඩ මුසු කරන්නේ ලංකාවේ අංක එකේ ගායකයකුවන අමරසිරි පිරිස් කලා ශුරින්ය. මෙය දැනට මගේ සවනට හමුවි ඇති ගීත අතරින් මා බොහොම ප්‍රියකරන ගිතයකි. මෙය සත්‍ය කථවකි. මෙම ගිතය රචනා වි ඇත්තේ මෙම ගිතයෙහී සදහන්වන පෙම්වතුන් දෙදෙනා ගැන දන්න පාසල් ගුරුවරයකුගේ දෑතින්ය. මේම ගිතයේ අර්තය මට දැනෙන අයුරින් ඔබට ගෙන එමට අවසරද මාහට....


මෙම පෙම්වතුන් දෙදෙනාගේ ප්‍රේමය සොදුරු පාසල් ප්‍රේමයක් වන්නට ඇත. එ සදහා මේ පෙම්වතාගෙ හදේහී ඇති ආදරය සනාත කරයි. මෙම පෙම්වතිය ඉතා විශිඨ ලෙස උසස් පෙළ සමත්වි පේරාදෙනිය සරසවි වරම් ලබාගත් අතර මෙම පෙම්වතාට එම ලස්සන ජිව්තය ලග කරගනිමට නොහැකිවිය....

මේ සොදුරු සරසවි බිමට දවසක හයියෙන් වහිවි. අනේ..ඔයා තෙමෙන්නනම් එපා. ඔයා කුඩේයටින් යන්න රත්තරනේ.. එහෙම යන ඔයා තනියම යන්න එපා ඔයාගෙ පළුව නැතිවෙන්න ඔයාට සරසවි බිමේ ආදරෙ කරන ආදරවන්තයෙක් එක්ක යන්න සුදු.... 

මේ ලස්සන ගස්කොලන් යට පෙම්වතුන් කොච්චර ලස්සන ලෝක මවනවා ඇතිද.. කොච්චර ලස්සන හීන දකිනවා ඇතිද.. ඔයාටත් එ ලස්සන හීන දකින්න මේ නිහඩ තුරු සෙවනට යන්න අඩගහුවොත් එහෙම යන්න වස්තුවේ.. ඔයාගේ ලස්සන ලෝකේ සුන්දර විදින්න මව ඔනේ නැහැනේ දැන්. මව අමතක කරන්න මගෙ රත්තරනේ. අනේ..ඔයා පෙම් සුව විදලා එන වෙලවක මාව මතක් වුනොට් එහෙම මගේ මතකය මේ සොදුරු මහවැලියට දන්න සුදු...මම පොඩ්ඩක්වත් තරහා නැහැ මගෙ රත්තරනේ....

Thursday, February 2, 2012


ඔයාව දැකපු පලවෙනි දවසෙම මට ඔයා ගැන ආදරයක් මගේ හිතට දැනුනෙ ඇයි ද දන්නෙ නැහැ. මම එ කතාව ලස්සන වෙයි කියලා හිතුවත් මට එකෙන් ලියන්න සිද්ද වුනේ දුක්බර කතාවක්. මම මගෙ හිතේ තිබ්බ ආදරේ ඔයාට කිව්වට අනේ.. රත්තරනේ මට එකට සමාවෙන්න....

ඔය සුදු ඔසරිය ඇඳලා ලස්සන මනාලියක් වෙලා ඉන්න දවසේ ඔයාගේ කර වට මාල පොටක් බැඳලා ඔයව මගෙ දුප්පත් පැල්පතට කැන්දන් යන්න මම කොච්චර බලාපොරොත්තු තියාගත්ත ද වස්තුවේ.. මම ගොඩක් හීන මැව්වා ඔයාව මගේම කරගන්න. මම මට තේරෙන විදියට මගෙ ආදරේ ඔයාට කිව්වේ. මට මේ ලෝකේ උරුම කඳුල විතරයි. මට එ කඳුළු තව වැඩිකලා කියලා මම කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ සුදු....


ඔයාගෙ ආදරවන්තයා එක්ක ඔයා දෑඟිලි පටලගෙන යනවා දැක්ක ම මගෙ ඇස් දෙකෙන් කඩාහැළුනු කඳුළු ඔයා දැක්කොත් ඔයාට දුක හිතෙයි කියලයි මම ඔයාට නොපෙනෙන්න ඔය දෙන්නගෙ ලස්සන ආදරේ ලෝකෙ දිහා බලාගෙන හිටියෙ රත්තරනේ.. අනේ ඉතින් මම මොනවා කරන්න ද මට මේ ලෝකෙ උරුම මේක නම්. කමක් නැහැ ඔයා දෙන්නගෙ ආදරේට මගෙන් සුබ පැතුම්....